Beauty
ඔබට ලස්සන වෙන්න ආසයිද
ලස්සන පැහැපත් සමක උරුමක්කාරියක් වෙන්නේ මෙහෙමයි
ඔබේ රුව ගැන අන් කවරෙකුටත් වඩා සැලකිලිමත් වන්නේත්, ඒ ගැන ආඩම්බර වන්නේත් ඔබමයි. ඉඩක් ලද මොහොතක දී කැඩපතක් ඉදිරියට ගොස් ඔබ ඔබේ රුව නරඹන්නේත් ඒ නිසාමයි. ඔබට හිමිවී තිඛෙන්නේ පැහැපත් සමක් වීමට හෝ නොවීමට පුළුවන්. එහෙත් සොබාදහමින් උරුම වූ ඒ අපූරුවත්වය රැකගැනීම සේම ආරක්ෂා කරගැනීම ද ඔබේම වගකීමක්. එසේම ඔබ නෙතගින් හෙළන බැල්ම, කතා විලාසය, මුවගින් නඟන සිනහව, මේ සියල්ලම උරුමකර දෙන්නේ පියකරු මුහුණක්. එය අන්‍යයන් ඉදිරියේ වඩාත් හොඳ ප්‍රතිරූපයක් නංවා ගැනීමට ඔබට අත්වැලක් සපයාවි. ඒ නිසා ඔබේ දෛනික පුරුදු අතරට සම ආරක්ෂා කරගැනීමේ පුරුදුද එක්කළ යුත්තේ ඇයිදැයි අද සාකච්ඡා කරමු.
පවතින තරඟකාරී ලෝකය තුළ ඔබේ අපේක්ෂාව වන්නේ අන්‍යයන් ඉදිරියේ කැපී පෙනිමින්, ඔවුන්ට ද අභියෝගයක් වෙමින් තම සාර්ථකත්වය ළඟාකර ගැනීමයි. එහිදී රැකියාවට හිමිවන්නේ වෙසෙස් තැනකි. ඔබ සතුව ඉහළ අධ්‍යාපන සුදුසුකම් තිබුණත් අන්‍යයන් ඉදිරියේ ප්‍රියමනාප අයුරින් හැසිරීමට ඔබට නොහැකි වුවහොත් ඇතැම්විට ඔබට අතට ලැබුණු රැකියාව ද නොලැබී යන්නට පුළුවන්. ඒ නිසා සාර්ථක ඉදිරි ගමනකට ස්වයං ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීම අතිශය වැදගත් බව අපි මින් පෙරද සාකච්ඡා කළෙමු.
ප්‍රියමනාප පෙනුමක් ලබාගැනීම ඔබේ අපේක්ෂාව නම් ඒ සඳහා ඔබ සතුව උනන්දුවක් සේම යම් කැපකිරීමක් ද තිබිය යුතුය. ඒ වෙනුවෙන් ඔබේ දෛනික ජීවිතයට එක්කර ගතයුතු එක් පුරුද්දක් වන්නේ ඔබේ සම ආරක්ෂා කරගැනීම සහ රැකබලා ගැනීම කෙරෙහි සැලකිලිමත් වීමයි.
දවසේ පැය 24 න් ඔබට මේ සඳහා විනාඩි 10 ක් හෝ 15 ක් වැනි ඉතාම කෙටි කාලයක් පමණක් යෙදීමට සිදු වේ. එහිදී උදෑසන මුහුණ සේදීමට යන වේලාවේදීම සම පිරිසිදුකර, සමෙහි තෙතමනය දවස පුරා රැක ගැනීමට හැකි ආලේපනයක් ගැල්වීමට ඔබට විනාඩි දෙකක් ගතවීමට පුළුවනි.
උදේ 9.30 ට පමණ හිරු ආරක්ෂිතයක් ආලේප කරගැනීමට තවත් විනාඩි දෙකක් වැයකිරීමට සිදුවිය හැකියි. එමෙන්ම රාත්‍රී නින්දට පෙර දත් මැදීමට යන වේලාවේ දී තවත් විනාඩි පහක් පමණ ගෙන සම පිරිසිදුකර, රාත්‍රී සමට සුදුසු ආලේපනයක් ගැල්වීමට ද ඔබට ගතවන්නේ සුළු කාලයකි. මෙකී සුළු කාලයන් තුළ සිදුකරන වටිනා ක්‍රියාකාරකම් තුළින් ප්‍රියමනාප ලස්සන සමකට. පෙනුමකට 85% ක පමණ කාර්යයක් ඔබ සිදුකර හමාරය.බොහෝ දෙනෙකුට අපට ඕව කරන්න වෙලාව නැහැ~ යනුවෙන් මැසිවිලි නඟයි. එමෙන්ම එවැනි දෙයක් කරන තමාගේ පවුලේ වෙන කෙනෙකු දුටුවත්, ඔවුන්ටත් මැසිවිලි නඟන අය අප අතරේම සිටිති.
ඔබට අවශ්‍ය කරුණක් සඳහා වුවත් විනාඩි 10 ක කාලයක් ගතකිරීමට නොහැකි වන්නේ, මානසික ආතතියෙන් ඔබ පෙළෙන විටය. එවිට විනාඩි 10 ක් ඔබට පැය 10 ක් හා සමාන කාලයක් වටිනු ඇතැයි සිතීම සාධාරණ කරුණකි.
නමුත් යම් දිනයක දී ඔබ කැඩපතක් ඉදිරියේ දී පසුතැවෙනු ඇත. ඒවන විට කාලය ගතවී හමාරය.
ශරීරයේ පැවැත්මට ජලය කෙතරම් අවශ්‍ය ද යන්න අප මීට ඉහත දී ද සාකච්ඡා කළ බව ඔබට මතක ඇති. නිරෝගී බව අපේක්ෂා කරන පුද්ගලයෙකු දිනකට වතුර ලීටර් 2.5 ක් පමණ පානය කළ යුතුවේ. එය සිහියේ තබාගෙන හැකි සෑම විටකදීම ජලය පානය කිරීමට වගබලා ගැනීම ද ඔබේ වගකීමකි.
ඔබ ආලේපන මිල දී ගැනීමේ දී සමට ගැළපෙන ආලේපන මිල දී ගැනීමට වගබලාගත යුතුය. නැතිනම් ඔබගේ පියකරු මුහුණ වෙනුවට අවලස්සන මුහුණක් ලැඛෙනු ඇත. එමෙන්ම සමෙහි පැවැත්මට ශරීරයට ගන්නා විවිධ පෙති වර්ග වෛද්‍ය නිර්දේශ මාත්‍රාවක් අනුව සිරුරට ගැනීම වඩා හිතකරවනු ඇත. ආලේපනයක් තෝරාගැනීමේ දී වෛද්‍යවරයෙකුගෙන් හෝ රූපලාවන්‍ය ශිල්පියෙකුගේ උපදෙස් පිළිපැදීම අනිවාර්ය වේ.
රූපය රැකබලා ගැනීමට නිතිපතා මනා පුරුදු ඇතිකර ගැනීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ජීවිතයට මනා පුරුදු ආදේශ කරගැනීම තුළින් ස්වයං ප්‍රතිරූපයක්, අංග සම්පූර්ණ රුවකින් යුතුව සමාජයට මුහුණදිය හැකිවනු නිසැකය.
(under the courtesy of goodhousekeeping.lk web)